විදෙස් පුවත්

සෙල්ලමට හැංගුනු දරුවා මැලේසියාවෙන් මතු වෙයි..

බංග්ලාදේශයේ – චිතගොං නුවර කන්ටේනර් පර්යන්තයක සිය මිතුරන් සමඟ හොරා පොලිස් සෙල්ලමේ නිරතවීමට කන්ටේනරයක් තුළ සැඟවුණු දරුවෙක් දින 05කට පසු මැලේසියාවෙන් හමුවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

15 හැවිරිදි පිරිමි දරුවෙක් මෙලෙස කිලෝමීටර් 3,000කට වඩා දුරින් පිහිටි මැලේසියාවේ කන්ටේනර් පර්යන්තයකින් හමුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. අදාළ දරුවා මිතුරන්ගෙන් සැඟවී සිටීමට කන්ටේනරය තුළ සැඟවුණු අවස්ථාවේ දී එය අගුළුලෑම හේතුවෙන් ඔහු ඒ තුළ සිරව තිබෙනවා.

එම අවස්ථාව් දින ගණනක් ජලය සහ ආහාර නොමැතිව කන්ටේනරය තුල සිරව සිටි දරුවා දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ බව සඳහන්. කුසගින්න, බිය සහ දැඩි මානසික ව්‍යාකූලත්වයට පත්ව සිටි එම දරුවා විජලනයට ලක්ව සිටි බවත්, වහාම ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට බලධාරීන් පියවර ගත් බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.