චීනයේ අපනයන-ආනයන බැංකුව ශ්‍රී ලංකාවට ණය දිගුවක් ලබා දී ඇති බව සඳුදා චීනයේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරනු ලැබුවා.එමෙන්ම මධ්‍යම හා දිගුකාලීන ණය බැහැර කිරීමේ සැලැස්මක් පිළිබඳව ලංකා රජය සමඟ මිත්‍රශීලී ලෙස සාකච්ඡා කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවත් එමගින් ශ්‍රී ලංකාවේ ණය තිරසාර බව ප්‍රවර්ධනය කිරීම වඩාත් රුකුලක් වනු ඇති බවත් ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.
චීනයෙන් ශ්‍රී ලංකා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහය දීම සම්බන්ධයෙන් විධිමත් සහතිකයක් නොමැතිව වුවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට ණය දීම අනුමත කිරීම ගැන සලකා බලමින් සිටින බව Bloomberg වාර්තා කිරීමත් සමඟ මෙම ප්‍රකාශය පැමිණ තිබේ.
ඊට ප්‍රතිචාර වශයෙන්, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් සඳුදා පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, 2022 සහ 2023 දී ගෙවිය යුතු ණය දීර්ඝ කිරීමට කැමැත්ත ප්‍රකාශ කරමින්, ශ්‍රී ලංකාවේ ණයවල තිරසාරභාවය සඳහා සහාය දක්වන ලිපියක් චීනය දැනටමත් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බවයි.
මෙම කාල සීමාව තුළදී, ශ්‍රී ලංකාවට අපනයන-ආනයන බැංකුවේ ණය මුලික හා පොලී ගෙවීමට සිදු නොවන අතර, කෙටිකාලීන ණය පීඩනය ලිහිල් කිරීමට ශ්‍රී ලංකාවට උපකාර වන බව එම නිලධාරියා පැවසීය.
“ශ්‍රී ලංකාව සමඟ මිත්‍රශීලී ලෙස මධ්‍ය කාලීන හා දිගුකාලීන ණය බැහැර කිරීමේ සැලැස්මක් සාකච්ඡා කිරීමට මෙම කවුළුව භාවිතා කිරීමට අපි කැමැත්තෙමු, සහ ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීමට අපගේ උපරිමය කරන්නෙමු,” වැන්ග් වැඩි දුරටත් පවසා සිටියා
Add Comment