2019 අප්‍රේල් 26 වනදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක් තුළ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගනිමින් මියගිය තැනැත්තන් අතර පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් යන අය ද සිටින බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මගින් තහවුරු වී ඇති බවය.
එලෙස තහවුරු කරගෙන ඇත්තේ තුන්වන වරට ලබාගන්නා ලද සියුම් සාම්පල සම්බන්ධව සිදුකරන ලද DNA පරීක්ෂාවේ දී ය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය කළ නිවේදනයක සඳහන් වන්නේ, ඇගේ මවගේ ලබාගත් DNA සාම්පල අනුව එය තහවුරු වී ඇති බවයි.
Add Comment