උණුසුම් පුවත් දේශපාලන දේශීය පුවත්

මැතිවරණය කල් දැමීම නිසා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ජාත්‍යන්තරයට

සැලසුම් කල පරිදි මාර්තු 09වන දින පලාත් පාලන ආයතන ඡන්දය නොපැවතිම සම්බන්ධව ජාත්‍යන්තරය දැනුවත් කිරීමට තීරණය කර ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
මේ වන විට නාම යෝජනා භාර දුන් අපේක්ෂකයින් 80,000 කට අධික පිරිසක් බරපතල අසාධාරණයකට ලක්ව ඇති බව ද මංජුල ගජනායක මහතා ප්‍රකාශ කරයි.

මේ අතර මැතිවරණය කල් දැමීමට එරෙහිව නැවත වරක් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැෆරල් සංවිධානය පවසයි.
තවදුරටත් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ, ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීමට කටයුතු කරන බවයි.