උණුසුම් පුවත් දේශපාලන දේශීය පුවත්

මැතිවරණය කල් දැමීමට අභියෝගය කරමින් පී සරවනමුත්තු ගොනු කල FR පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය

පළාත් පාලන මැතිවරණය කල් දැමීම අභියෝගයට ලක් කරමින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ(CMEV) සහ ශ්‍රී ලංකා විකල්ප ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ(CPASL-විධායක අධ්‍යක්ෂක) හි සම කැඳවුම්කරුවෙකු ලෙස ආචාර්ය පී සරවනමුත්තු විසින් 2023 පෙබරවාරි 28 වන දින ගොනු කරන ලද මූලික අයිතිවාසිකම්(FR) පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය(SC) අද එනම්, 2023 මාර්තු 16 අවසර ලබා දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12(1) සහ 14(1)a වගන්ති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ඉදිරියට යාමට මෙහිදී අවසර ලබා දී ඇත.