ආර්ථික උණුසුම් පුවත් දේශීය පුවත්

වරාය, ගුවන් ⁣තොටුපළ, මගී ප්‍රවාහන සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

වරාය, ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මීට සුළු මොහොතකට කලින් ගැසට් නිවේදනයකට අත්සන් තබා තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

මගීන් හෝ භාණ්ඩ, පිටකිරීම, මැදිරි, ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ආහාර පාන භාණ්ඩ හෝ ගල් අගුරු, තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම සදහා පොදු ප්‍රවාහන සේවා මෙසේ අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කර ඇති බවයි මාධ්‍ය අංශය එම නිවේදනයෙන් සදහන් වෙන්නේ.

රේගු ආඥාපනතේ (පරිච්ඡේද 235) අරමුණු සඳහා අර්ථ දක්වා ඇති අතර, මාර්ග, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළ, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළු මාර්ග, දුම්රිය හෝ ගුවන් මගින් ප්‍රවාහන සේවා සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා ලෙස අර්ථ දක්වා ඇති බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් සදහන් කරනවා.