උණුසුම් පුවත් දේශීය පුවත්

ජනපති සමඟ සාකච්ඡාවෙන් විසඳුමක් නෑ. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරියටම ගෙනියනවා- වෘත්තීය සමිති එකමුතුව

ජනාධිපතිවරයා සමඟ අද(පෙබ 25)පැවති සාකච්ඡාවේදී අපේක්ෂා කෙරුණු ආකාරයට විසඳුමක් නොලැබුණු බවවෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසා සිටියා.

එමෙන්ම අද සාකච්ඡාවේදී බදු සංශෝධනය පිළිබඳව පොදු මතය ජනාධිපතිවරයාට ඉදිරිපත් කල නමුත්, මාර්තු 01දායින් පසුවසිදුකිරීමට සැලසුම් කර ඇති විරෝධතා මාලාව අවලංගු කිරීමට තරම් යහපත් ප්‍රතිචාරයක් මෙහිදී නොලැබුණු බවත්, එම නිසාසැලසුම් කල පරිදි විරෝධතා ඉදිරියට කරගෙන යන බවත්, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේමාධ්‍ය වෙත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත් රජය සමඟ මෙම සාකච්ඡා ඉදිරියට කරගෙන යන බවත්, දැනට පනවා ඇති බදු සංශෝධන වෘත්තිකයින්ට දැරියහැකි මට්ටමකට ගෙන ඒමට හැකිවනතෙක් මෙම සටන අත්නොහරින බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.