දේශීය පුවත්

මානව හිමිකම් කොමිස⁣ම ඉදිරියේ පෙනීසිටින්න යැයි ටිරාන් අලස්ට නියෝග

පසුගිය මාර්තු 07 සහ 08 වන දිනයන්හිදී කොළඹ සහ කැළණිය විශ්වවිද්‍යාලය අවට පැවැත්වු උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව පරික්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇත.
ඒ අනුව පොලිසිය අනුගමනය කල ක්‍රියාවලිය පැහැදිලි කිරීමට මහජන ආරක්ෂකව පිළිබඳ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අමාත්‍ය ටීරාන් අලස්ව 2023 මාර්තු මස 13 වන දින පෙරවරු 10.00ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැදවා ඇත.