දේශීය පුවත් විදෙස් පුවත්

ඇමරිකා බුද්ධි අංශ මෙරට තුල මොකද්ද කරන්නෙ?

ඇමෙරිකාවෙ බුද්ධි අංශ නීළධාරීන් 2023 ජනවාරි මාසයේ සිට මේ දක්වා අට(8) වතාවකට වඩා ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි යාපනය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය කේ.ටී ගනේෂලිංගම් ප්‍රකාශ කර සිටිනවා.

එසේ පැමිණෙන ඇමෙරිකා බුද්ධි අංශ නිලධාරීන් ඔවුන්ගේ මෙරට පාවිච්චිය සඳහා අවශ්‍ය වාහනද රැගෙන ඇවිත් ඇති බව ගනේෂලිංගම් තවදුරටත් ප්‍රකාශකර සිටියා.

එමෙන්ම ත්‍රිකුණාමලය තුල ඉන්දියාව සහ ඇමෙරිකාව එක්වී යුධ හමුදා මූලස්ථානයක් ඉදිකිරීම ගැන සිදුවන කතාබහ ක්‍රියාවට නැංවීමක් සිදුවීම මේ බුද්ධි අංශ නිලධාරීන් මෙරට සැරිසැරීම තුලින් හැඟෙන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.