දේශීය පුවත්

වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් නෙල්ලිගලදී ප්‍රපාතයකට පෙරලෙයි.

මොරටුවේ සිට නෙල්ලිගලට වන්දනාකරුවන් පිරිසක් රැගෙන ගිය බස් රථයක් නෙල්ලිගල විහාරස්ථානයට ආසන්නයේදී ප්‍රපාතයකට පෙරලි අනතුරට ලක්ව ඇත.
පුද්ගලයින් 26 දෙනෙකු අනතුරින් තුවාල ලබා මේවන විට ඔවුන්ව පේරාදෙණිය රෝහල වෙත යොමු කර තිබෙන බව ආරංචි මාර්ග පවසයි.
ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන් වෙයි.