ආර්ථික උණුසුම් පුවත් දේශීය පුවත්

අද මාධ්‍ය රාත්‍රීයේ සිට ඉන්ධන මිල පහළට

අද මාධ්‍ය රාත්‍රි යේ සිට ඉන්ධන මිලෙහි අඩු වීමක් සිදුවන බව අද පැවති මාධ්‍ය හමුවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසී ය.
ඒ අනුව නවතම මිල ගනන් පහත ආකාරයට සංශෝධනය වේ.

පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 60කින් අඩුවන අතර නවතම මිල රුපියල් 340කි.

පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 135කින් අඩුවන අතර නවතම මිල රුපියල් 375කි.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 80කින් අඩුවන අතර නවතම මිල රුපියල් 325කි.

සුපර් ඩීසල් ලීටර්යක මිල රුපියල් 45කින් අඩුවන අතර නවතම මිල රුපියල් 465කි.

භූමිතෙල් ලීටර්යක මිල රුපියල් 10කින් අඩුවන අතර නවතම මිල රුපියල් 295ක් වන බව වාර්තා වෙයි.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයන්ට සමගාමීව එම මිල ගණන්වලින් ම අද (මාර්තු 29 දින) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල පහත දමන බව, IOC සමාගම පවසයි.