සත්කාරක නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන්තොටුපලෙන් පිටතව ගොස් ඇත.
දිමුත් කරුණාරත්න මෙහෙයවන කණ්ඩායමට නවක ක්‍රීඩකයින් ලෙස කැඳවා ඇත්තේ, දකුණත් පිතිකරු නිෂාන් මධුෂ්ක සහ වේග පන්දුයවන ක්‍රීඩක මිලාන් රත්නායකයි.
කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල සහ චාමික කරුණාරත්න ද සංචිතයට ඇතුළත් ය.
ඕෂද ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, කසුන් රාජිත, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු මෙම සංචිතයට එක්ව ඇත.
දෙරට අතර ටෙස්ට් තරග 02ක්, එක් දින තරග 03ක් සහ T20 තරග 03 පැවැත්විමට නියමිතව ඇති අතර ටෙස්ට් තරග දෙක ලෝක ශූරතා ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වෙන අතර, එක්දින තරගාවලිය එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ තරග ලෙස පැවැත්වීමට නියමිත බව සදහන්වේ.
තරගාවලිය මාර්තු 9 වැනි දා ක්‍රයිෂ්චර්ච් හීදි ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
Add Comment