කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ලංකා – යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ 09 වෙනි පාර්ලිමේන්තුවට අදාල නිලධාරීන් මණ්ඩලය තෝරාපත් කරගැනීමේ විශේෂ රැස්වීමේදි, එහි සභාපතිවරිය ලෙස අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි තේරී පත්වූ අතර රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්ම මහත්මීන් එම සංගමයේ නව ලේකම්වරුන් ලෙස තේරී පත්විය.
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත පිරිසේ තානාපති ඩෙනිස් චයිබි මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූහ.
-News source by news1st
Add Comment