තෙල්, වරාය, සෞඛ්‍ය, පාසල්, බැංකු, තැපැල් ඇතුළු ක්ෂේත්රවල වෘත්තීය සමිති 47ක්, රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (2023 මාර්තු 15දින) ආරම්භ කල දීප ව්‍යාප්ත වැඩ වර්ජනය, අද (2023 මාර්තු 16දින) උදෑසන 8.00 සිට තාවකාලිකව අත්හිටුවීමට එම වෘත්තීය සමිති පියවර ගෙන තිබේ.
සිය ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇති බැවින් දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනය මෙසේ තාවකාලිකව අවසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
කෙසේවෙතත් තම සංගමයේ ඉල්ලීම්වලට සෑහිමට පත්විය හැකි විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.
එහි සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා පැවසුවේ ඊයේ රාත්‍රී රැස්වු එම සමිති සම්මේලනයේ විධායක කමිටු රැස්වීමේ දී එම තීරණය ගත් බවය.
මේ අතර සිය ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමේ අරමුණින් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද දහවල් රැස්වීමට නියමිතව තිබේ.
Add Comment