දේශීය පුවත් විශේෂාංග

‘2019 ජූලි මාසයේ දවසක්’ වේදිකා නාට්‍ය මාර්තු 18 දොරට වඩී

දේශපාලනඥයන් විසින් මරා දමන්න උත්සාහ කළ පුද්ගලයන් කිහිප දෙනෙකු ජීවත් කරන්න සහාය වෙමු.

2019 වස⁣රේ අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරුදින එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයට දේශපාලනඥයන් සහ ආරක්ෂක අංශ වගකිවයුතු බවට මේ වන විටත් අනාවරණය වී හමාරය. බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු තුවාලකරුවන්ට සොච්චම් මුදලක් දී ආණ්ඩුව අත පිහදාගත්තද , එම ප්‍රහාරයෙන් පසු තවදුරටත් ශල්‍යකර්මවලට ලක්වියයුතු පිරිස් තවමත් සිටිති. ඇඟේ යකඩ බෝල සමඟ ජීවත්වන්නෝ සිටිති.

තිස්ස බාලසූරිය පියතුමා නිර්මාණය කළ සමාජය හා සාමයික කේන්ද්‍රය (csr) වර්තමානයේ සමාජ ක්‍රියාධර රොහාන් සිල්වා පියතුමාගේ මෙහෙයවීමෙන් පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉෂ්ඨ කිරීම උදෙසා විශාල වැඩ කොටසක් කරමින් සිටියි.

නීතිඥ සු⁣⁣රේන් ඩී පෙරේරා, මනුෂිකා කු⁣රේ ඇතුළු නීතිඥවරු අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිති.

ඉන් එහා ගොස් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටින පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් කිහිප දෙනකු ජීවත් කරවීම උදෙසා අවශ්‍ය මූල්‍යමය සහයෝගය ලබා දීමට නීතිඥ සුරේන් ඩී පෙරේරා, දුරේක්ෂා ගයනි ඇතුළු කණ්ඩායමක් වේදිකා නාට්‍යයක් පෙන්වීමට කටයුතු කරමින් සිටිති.

පාස්කු සම්බන්ධයෙන්ම කියැවෙන රාජිත දිසානායකගේ 2019 ජූලි මාසයේ දවසක් වේදිකා නාට්‍ය ලබන සතියේ සෙනසුරාදා එනම් මාර්තු 18 වැනිදා සවස 3.30ට සහ 7.00ට ටවර් රඟහලේදී වේදිකා ගත කිරීමට නියමිතය.

එම නාට්‍ය සඳහා ප්‍රවේශ පත්‍ර ගාස්තුය රුපියල් 1000, 2000 සහ 3000වේ. පාසල් සිසුන් සඳහා සියයට 50ක සහනයක් ලැබෙයි. මෙම නාට්‍ය නැරඹීමට ටික⁣ට්පතක් ලබාගෙන පුද්ගලයකු ජීවත් කරවීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු. ඊට අමතරව ඔබට හැකි පමණින් ඒ සඳහා දායකවීමටද පිළිවෙන.

හැකි නම් අදම මරදාන ඩීන්ස් පාරේ CSR වෙත ගොස් ටිකට් පතක් මිලදී ගන්නා ලෙසත්, එසේ නැතිනම් +94 71 555 1237 අංකයෙන් දුරේක්ෂා මහත්මියට කතා කර ගිනුම් අංකයට මුදල් බැර කර ටිකට් පතක් වෙන් කර ගන්නා ලෙසත් ඉල්ලා සිටිමු.

ගිනුම් අංකය
142020128644
Hatton Nation Bank
Dureksha Gayani
Thalawathugoda Branch

නාට්‍ය නැරඹීමට පැමිණීමට නොහැකි වුවද පුද්ගලයකු ජීවත් කිරීම සඳහා ප්‍රවේශපත්‍රයක් මිලදී ගෙන හෝ හැකි පමණින් ගිනුම් අංකයට මුදල් බැර කර යුක්තිය සොයා යන ගමනට සහයෝගය දැක්විය හැකිය.

සටහන: තරිඳු ජයවර්ධන
පළ කිරීම: CK